අද බිලිගත් කොවිඩ් මරණ

අද බිලිගත් කොවිඩ් මරණ

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (20) තහවුරු කරන ලද තවත් කොරෝනා ආසාදිත මරණ 24ක් වාර්තා වී තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 14,795ක් දක්වා ඉහළගොස් ඇත.

එමෙන්ම අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 518ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 580,727ක් දක්වා ඉහළගොස් ඇත.

එසේම මේ වනවිට රෝහල්ගතව හෝ නිවෙස්ගතව ප්‍රතිකාර ලබන සමස්ත සංඛ්‍යාව 8,017කි.