දෙන්නම පැන්නා ,කොල්ලා බේරුණා (ඡායාරූප)
![දෙන්නම පැන්නා ,කොල්ලා බේරුණා (ඡායාරූප) දෙන්නම පැන්නා ,කොල්ලා බේරුණා (ඡායාරූප)](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/Untitled-1-2.jpg)
මහියංගණය, මහනුවර ප්‍රධාන මාර්ගයේ වේරගංතොට පාලම මතින් තරුණ යුවළක් මහවැලි ගඟට පැන ඇති බව වාර්තා වනවා.
ඊයේ (16) සවස 4.30ට පමණ අදාල යුවළ මෙලෙස ගඟට පැන ඇති බවයි වාර්තා වන්නේ
එහිදී තරුණයාගේ දිවි බේරාගෙන මහියංගණය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර තරුණිය මේ වනවිට අතරුදන්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.
මෙලෙස ගඟට පැන ඇත්තේ රිදීමාලියද්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි තරුණයෙක් සහ 19 හැවිරිදි තරුණියක් බවයි පොලිසිය පැවසුවේ.
දෙදෙනා කලක සිට ප්‍රේම සම්බන්ධත්වක් පවත්වාගෙන ගොස් ඇති අතර මෙලෙස පාලම මතින් ගඟට පැනීමට හේතුව මෙතෙක් ආනාවරණය වී නැහැ.
අදාල තරුණිය උපකාරක පංතියකට සහභාගී වන බව පවසා ඊයේ (16) නිවසින් පිටව ගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වී ඇත්තේ.
අතුරුදන් වූ තරුණිය සොයා නාවික හමුදාව සහ මහියංගණය පොලිසිය එක්ව මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/264018304_641199843991552_6389313346328070925_n-1536x864-1-650x366.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/262472320_282129630615677_7908218367290972872_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/263433998_3034060336864796_5129215594100904840_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/261827342_471643964387426_8282600080350569731_n-1536x864-1-650x366.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/263279177_301627441724284_1850480693651206975_n-1536x864-1-650x366.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/263157403_887829988588352_5437465886144938154_n-1536x864-1-650x366.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/263577340_596219871607970_5310007060578159471_n-1536x864-1-650x366.jpg)