RMV සේවා රැසක ගාස්තු සියයට 15 කින් වැඩි වෙන ලකුණු

RMV සේවා රැසක ගාස්තු සියයට 15 කින් වැඩි වෙන ලකුණු

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සපයන සේවා සඳහා අය කරන ගාස්තු ඉහළ දැමීමට යෝජනා වී ඇති බවට තොරතුරු වාර්තා වේ. ඒ අනුව,

වාහන ලියාපදිංචි කිරීමේ ගාස්තු.
රියදුරි බලපත්‍ර ගාස්තු.
වාහන අංක තහඩු ගාස්තු.
රියදුරු වෛද්‍ය සහතික ගාස්තු
යන ප්‍රධාන සේවා ඇතුළු සේවා සේවා රැසක ගාස්තු සියයට 15 කින් ඉහළ දැමීමට යෝජනා වී ඇත.

ප්‍රවාහන අමාත්‍යංශයේ නිලධාරියෙකු පැවසුවේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සපයන සේවා සදහා වන ගාස්තු වසර 12කින් ඉහළ දමා නොමැති බවයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා ගාස්තු වසරකට වරක් සියයට 15කින් ඉහළ දැමීමට 2017 වසරේ කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබුණ ද මේ දක්වා ඉහළ දමා නොමැති බව ඔහු පැවසීය.