සිව් වන විවාහ සංවත්සරය සමරමින් රොෂාන්ගේ බිරිඳ තැබූ සටහන
![සිව් වන විවාහ සංවත්සරය සමරමින් රොෂාන්ගේ බිරිඳ තැබූ සටහන සිව් වන විවාහ සංවත්සරය සමරමින් රොෂාන්ගේ බිරිඳ තැබූ සටහන](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/264659332_669349764068392_1331209119326877794_n.jpg)
රොෂාන් පිලපිටිය කියලා කියන්නේ කලා ක්ෂේත්රය තුළ සිටින ඉතාමත්ම දක්ෂ රංගන ශිල්පියෙක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්.ඒ වගේම තමයි ඔහු ඉතාමත්ම නිහතමානී පුද්ගලයෙක් ද වෙනවා.ඒ නිසාමයි බොහෝ රසික රසිකාවියන් පිරිසක් අදටත් ඔහු වටා එක් රොක් වී සිටින්නේ.
රොෂාන් පිලපිටිය සිය පළමු විවාහයෙන් වෙන් වී සිටින අතර මේ වන විට දෙවන වරට ඉතාමත්ම සුරූපී යුවතියක් සමග විවාහ වී ආදරණීය පුතෙක්ගේ පියෙක් වී අවසානයි.ඔහු පළමු වරට විවාහ වන්නේ ඔබ අප කවුරුත් දන්නා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන චතුරිකා පිරිස් සමඟයි.ඔවුන් දෙදෙනාගේ විවාහය යම් යම් ගැටලු හේතුවෙන් දෙදරා යන අතර ඉන්පසු ඇය ගයාන් වික්‍රමතිලක නම් ජනප්‍රිය රංගන ශිල්පියා සමඟ විවාහ වෙනවා.මේ වන විට ඔවුන් දෙපළටත් සිඟිති දියණියත් සිටිනවා.
රිත්මා කියන්නේ හරිම ආදරණීය බිරිඳක්.ඇය රොෂාන් ගේ මව ද ඉතාමත් ආදරයෙන් රැකබලා ගන්නා අතර ඉතාමත් රසවත් ආහාර පිසීමටද උපන් හපන්කම් ඇති තැනැත්තියක් බව අපට සමාජ මාධ්‍ය තුලින් දැක ගන්නට පුළුවන්.ඉතින් පසුගිය දිනකදී රෝෂාන්ගේත් රිද්මාගේත් ජීවිතයේ සුවිශේෂී දිනයක් යෙදී තිබුණා. ඒ තමයි ඔවුන් දෙදෙනාගේ 4 වැනි විවාහ සංවත්සරය.ඉතින් එම සතුටුදායක දිනය සමරමින් රිත්මා අපූරු ආදරණීය සටහනක් සිය ෆේස්බුක් මාධ්‍ය ජාලය ඔස්සේ සනිටුහන් කරලා තිබුණා.ඒ තමයි,
“සුබ විවාහ සංවත්සරයක් හුස්ම ටික, අපි විවාහ වෙලා අදට අවුරුදු 4යි. මගේ ජීවිතේට ලැබුන වටිනම වස්තුව ඔයයි අපේ රාහුල් පුතයි. මගේ ප්‍රාර්ථනාව හැමදාම සංසාරයේ පුරාවට අපි අපේම වෙලා මේ වගේම රාහුල් පුතාත් එක්ක ගොඩාක් සතුටින් ඉන්න ලැබෙන්න ඕන, අවංක විශ්වාසවන්ත, සුරා සූදුවෙන් තොර ආදරණීය සැමියෙක් ලද බිරිද සැබෑම වාසනාවන්තියක්, මමත් ඒ සතුට ගොඩක් ආදරයෙන් විදිනවා ඔයා නිසා”
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/266094852_670062833997085_1972078804758941432_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/266340643_4607835895960740_2931533912905025047_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/265235003_669349827401719_3211142342149485628_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/266028872_670062533997115_203096065007294759_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/266017846_670062520663783_6839478539440900703_n-1.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/265217410_669349700735065_4209155939242007923_n.jpg)