මිනිස්සුන්ට ගෞරව කරන විදිහ උගන්වන්න අර්ජුන ලිපියකින් ඉම්රාන්ට දන්වයි

මිනිස්සුන්ට ගෞරව කරන විදිහ උගන්වන්න අර්ජුන ලිපියකින් ඉම්රාන්ට දන්වයි

පාකිස්ථානයේ දී ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාරට සාධාරණය ඉල්ලා හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාට ලිපියක් යවා තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් අර්ජුන සඳහන් කර ඇත්තේ නොමග යැවීම්වලට ලක් වුණු සුළුතර පිරිසට, සියලු මිනිසුන්ට ගෞරව කළ යුතු ආකාරය ඉගැන්වීමට ඔබට හැකි වනු ඇතැයි බලපොරොත්තු වන බවයි.

”ක්‍රිකට් පිටියේ වේවා දේශපාලන ක්ෂේත්‍රයේ වේවා අභියෝගවලට මුහුණ දීමේදී ඔබ සැම විටම නොසැලී සිටියෙකි. පාකිස්ථානයේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ දා සිට රටේ මතභේදයට තුඩු දී ඇති කරුණුවලදී ඔබ කටයුතු කර ඇත්තේ ඉතා සුපරික්ෂාකාරී ලෙසිනි. ඒ එළැඹුමෙන් ම පාකිස්ථාන ප්‍රජාවේ නොමඟ යැවීම්වලට ලක් වුණු සුළුතර පිරිසට සියලු මිනිසුන්ට ගෞරව කළ යුතු ආකාරය ඉගැන්වීමට ඔබට හැකි වනු ඇතැයි මම බලපොරොත්තු වෙමි.” යනුවෙන් ද ඔහු සඳහන් කර තිබෙනවා.