ඩෙංගු පාලනයට ජාතික වැඩපිළිවෙලක්
![ඩෙංගු පාලනයට ජාතික වැඩපිළිවෙලක් ඩෙංගු පාලනයට ජාතික වැඩපිළිවෙලක්](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/150731180818-aedes-aegypti-exlarge-169_14052017_FCR_CMY.jpg)
ඉදිරි මෝසම් වැසි තත්වය සමඟ ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යා හැකි බැවින් එය පාලනය කිරීම සඳහා අමාත්‍යාංශ හරහා ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/Lankaweb-Image-5.jpg)
මෙම වසරේ ගත වූ කාලයේදී ඩෙංගු රෝගීන් 25,910ක් වාර්තා වී ඇති අතර මරණ 19ක් ද වාර්තා වී ඇත. ඉදිරියේදී රෝගය ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ වැඩපිළිවෙලකට මෙලෙස ඇමති මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.