මෙරටින් හමුවූ ලොව විශාලතම නිල් මැණික ගැන අද විශේෂ සාකච්ඡාවක්.
![මෙරටින් හමුවූ ලොව විශාලතම නිල් මැණික ගැන අද විශේෂ සාකච්ඡාවක්. මෙරටින් හමුවූ ලොව විශාලතම නිල් මැණික ගැන අද විශේෂ සාකච්ඡාවක්.](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/267212087_433879785057562_1514081257415775610_n.jpg)
ආසියාවේ රැජින හෙවත් ක්වීන් ඔෆ් ඒෂියා නමින් හදුන්වන ලොව විශාලතම ස්වභාවික කොරොන්ඩම් බ්ලූ සෆායාර් මැණික පිළිබඳව අද (13) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත.
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සහ මැණික අයත් පෞද්ගලික ආයතනයේ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇති අතර ක්වීන් ඔෆ් ඒෂියා නමින් හඳුන්වන මෙම මැණික රත්නපුර – බලංගොඩ ප්‍රදේශයේ පතලකින් මීට මාස 6ට පෙර හමු වී ඇති අතර ඒ පිළිබදව ඊයේ (12) කරුණු අනාවරණ වුණා.
ජෙමලොජිකල් ඉන්ස්ටටියුට් ඇන්ඩ් රිසර්ච් ප්‍රයිවඩ් ලිමිටඩ් ආයතනයට මෙහි හිමිකාරීත්වය පවතින අතර කොරොන්ඩම් සෆායාර් පවුලට අයත් මෙම මැණික කිලෝ 310 ක බරකින් යුක්තයි.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/267404375_433879845057556_8032257147541975156_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/267003543_433879921724215_8991563355392525521_n-650x436.jpg)