මහේල ශ්රී ලංකා කණ්ඩායමේ පුහුණුකරණ උපදේශක තනතුරට
![මහේල ශ්රී ලංකා කණ්ඩායමේ පුහුණුකරණ උපදේශක තනතුරට මහේල ශ්රී ලංකා කණ්ඩායමේ පුහුණුකරණ උපදේශක තනතුරට](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/Mickey-Arthur-and-Mahela-Jayawardene.jpeg)
ශ්රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකරණ උපදේශක ලෙස හිටපු නායක මහේල ජයවර්ධන පත්කර තිබේ.
එම පත්වීම 2022 ජනවාරි 01 වනදා සිට ක්රියාත්මක වන බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කළේය.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/Mahela-SL-T20-WC-2021-Twitt_630_630.jpg)
ඔහු වසරක කාලයක් එම තනතුරේ කටයුතු කිරීමට එකඟ වී තිබේ.
ශ්රී ලංකා කණ්ඩායමේ ක්රිකට් සම්බන්ධ සියලු වගකීම් ඒ අනුව ඔහුට පැවරෙයි.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/mahela.jpg)