දෙහිවල සත්තුවත්තේ සතුන් පස් දෙනෙක්ට නම් තියන්න මෙන්න සුපිරි අවස්ථාවක්…විසිපස් වෙනිදාට කලින් නම් ටික Whats app කරන්න

දෙහිවල සත්තුවත්තේ සතුන් පස් දෙනෙක්ට නම් තියන්න මෙන්න සුපිරි අවස්ථාවක්…විසිපස් වෙනිදාට කලින් නම් ටික Whats app කරන්න

දෙහිවල සත්වෝද්‍යානයේ උපත ලැබූ ක්ෂීරපායි සත්ත්ව පැටව් පස්දෙනකුට නම් තැබීමට දරුවන්ට අවස්ථාව ලබාදීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

මෙම අවස්ථාව හිමිවන්නේ වයස අවුරුදු 18 න් පහළ දරුවන්ට පමණී.

ඒ අනුව ඇරබියන් ඔරික්ස් ගවයා, බූරු පටවා, නයිල් හිපෝ පැටවා සහ සිළු වඳුරු පැටවුන් දෙදෙනාට යන සතුන්ට නම් තැබීමට අවස්ථාව හිමිවේ.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සදහන් කළේ 0706988488 අංකයට එස්.එම්.එස්. පණිවිඩයක්, වට්ස්ඇප් හෝ ජාතික සත්වෝද්‍යාන ෆෙස්බුක් පිටුවට නම් යොමු කළ හැකි බවයි.

මෙම මස 20 වැනිදාට පෙර නම් යොමු කළ යුතුවේ.

එම පණිවිඩයේ සත්ව පැටවා, යෝජිත නම, යොමු කරන්නාගේ නම, වයස, පාසල සහ ලිපිනය දන්වා එවීමට කටයුතු කළ යුතු වේ.

එක් එක් පැටවාට යෝජනා කරන නම් අතුරින් ඉතාම සුදුසු නම් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව තෝරා ගෙන මේ මස 25 වැනිදා පැවැත්වෙන නම් තැබීමේ උත්සවයේදී එළිදැක්වීමට නියමිතව තිබේ.