අභිමානයට තවත් අභිමානයක්.

අභිමානයට තවත් අභිමානයක්.

බහරේනයේ පැවති 2021 ආසියානු යොවුන් පැරා ක්‍රීඩා උළෙලේ පිරිමි යගුලිය විසි කිරීමේ ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීමට ජේසන් ජයවර්ධන සමත්ව තිබේ.

16 හැවිරිදි ජේසන් ජයවර්ධන සිය පළමු උත්සාහයේදීම යගුළිය විසි කිරීමේ ඉසව්වෙන් රිදී පදක්කම දිනාගත් අතර ඔහු මීටර් 6. 64ක දක්ෂතාවක් දැක්විය.

කවපෙත්ත විසි කිරීමේ ඉසව්වෙන් ද ඔහු රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වූයේ මීටර් 13. 84ක දක්ෂතාවකිනි.

ආසියානු පැරා ක්‍රීඩා උලෙළට සහභාගිවූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින කාගේත් වැඩි අවධානයක් හිමිව ඇති සෙන්ටිමිටර් 128 (අඩි 4.1) උස ජේසන් විසිකළ යගුළියේ බර කිලෝග්‍රෑම් 4කි.

ඉන්දුනිසියාවේ සොලහුඩීන් ආබී මීටර් 8.01ක් සමඟ ප්‍රථම ස්ථානයට පත් වූ අතර ඉරානයේ මොහොදි ගරුබානී මීටර් 5.87කින් ලෝකඩ පදක්කම දිනා ගත්තේය.

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සිය ෆේස් බුක් ගිණුමේ ඔහුට මෙලස සුබ පැතුම් එක්කර තිබුණා.