ශ්‍රී ලංකා නාවික හමුදාවේ 71 වැනි සංවත්සරය අද – 1768කට උසස්වීම්

අදට යෙදෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 71 වන සංවත්සරයට සමගාමීව නිලධාරීන් 84 දෙනෙකු ඇතුළු නාවිකයන් 1768 දෙනෙකුට උසස්වීම් ලබාදී තිබෙනවා.
නාවික හමුදාව නිවේදනය කළේ නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ නිර්දේශය මත මෙම උසස්වීම් ලබාදුන් බවයි.
71 වන සංවත්සරය නිමිත්තෙන් අද සහ හෙට ගාලුමුවදොර මුහුදු තීරයේ ශ්‍රී ලංකා නාවික හමුදාව සතු විශාල නෞකා නැංගුරම්ලා තබා නාවික හමුදාවේ නාවික බලය මහජනතාවට දැක බලා ගැනීමට ද කටයුතු සලස්වා තිබෙනවා.