පකිස්ථානයටත් රිදුනු ප්‍රියන්ත ඝාතනය.

පකිස්ථානයටත් රිදුනු ප්‍රියන්ත ඝාතනය.

පාකිස්තානයේ සියල්කෝට් හිදී ආගමික අන්තවාදීන් ප්‍රියන්ත කුමාර මහතා අමානුෂික ලෙස ඝාතනය කිරීම හෙළා දකිමින් පාකිස්තානය හෙට විශේෂ හෙළාදැකීමේ දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

පාකිස්තානයේ උලමා සංගමයේ නියෝජිතයින් හෙට මෙසේ විශේෂ හෙළාදැකීමේ දිනය ලෙස ප්‍රකාශයට පත්කළා.

මේ අතර, ඊයේ රාත්‍රියේ ඉස්ලාමාබාද් හි ජනතාව ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර සිහිකරමින් ඉටිපන්දම් දල්වා ශෝකය පළ කළා.

එමෙන්ම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල ව නිෂ්පාදන කටයුතු සිදු කරන එරට ආයතනවල විගණන කටයුතු සඳහා විදෙස් ගණකාධිකාරීවරුන් පැමිණීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

පාකිස්තාන මාධ්‍ය වාර්තා කළේ, එරට පිහිටි ඇතැම් ආයතනවල විගණන කටයුතු සඳහා පැමිණ ඇත්තේ, ශ්‍රී ලාංකික විගණන ආයතන බැවින් මෙම සිද්ධියෙන් පසු එම ආයතන පාකිස්තානයට පැමිණීම ප්‍රතික්ෂේප කර ඇති බවයි.

https://bit.ly/307ByG0