තවත් කොවිඩ් මරණ 22ක්
![තවත් කොවිඩ් මරණ 22ක් තවත් කොවිඩ් මරණ 22ක්](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/WireAP_39f90f95737c488ba1e8b5d48e5462cd_16x9_1600.jpg)
තවත් කොවිඩ් මරණ 22ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (08) තහවුරු කර ඇති බවය.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 14,555කි.
මේ අතර අද (09) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 508 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 570,436ක් දක්වා ඉහළ ගොස් තිබේ.