ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කාරිනියක් කටුනායකදී අත්අඩංගුවට.

ජාත්‍යන්තර පොලීසියේ රතු වරෙන්තු ලබා සිටි බ්‍රසීල ජාතික තරුණියක ශ්‍රී ලංකාවට ඇතුළුවීමට උත්සාහ කිරීමේදී අද (09) අලුයම කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඇය කැරොලයින් අරවුයෝ නමැති ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජවාරමේ නිරත බ්‍රසීල ජාතික 23 හැවිරිදි තරුණියකි.
ඇයව බ්‍රසීලය වෙත පිටුවහල් කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.