මාතර දෙනියාය කොටපොල ඡන්දය දින්නේ කවුරුන්ද ? ජවිපෙද ? පොහොට්ටුවද ?

මාතර දෙනියාය කොටපොල ඡන්දය දින්නේ කවුරුන්ද ? ජවිපෙද ? පොහොට්ටුවද ?

දෙනියාය කොටපොල විවිධ සේවා සමුපකාර සමිතියේ බලය පොදුජන පෙරමුණ ජයග්‍රහණය කර ඇතිබවට වාර්තා වෙනවා

දෙනියාය කොටපොල විවිධ සේවා සමුපකාර සමිති මහා සභාවට නියෝජිතයන් පත්කර ගැනීම සඳහා පැවති නිලවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහාය දුන් කණ්ඩායම ජයග්‍රහණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවකගේ මාධ්‍ය ඒකකය පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ලද කණ්ඩායමට 51, ජවිපෙ සහාය ලද කණ්ඩායම 30ක්, එක්සත් ජාතික පක්‍ෂය 05ක්, ස්වාධීන කණ්ඩායම 14ක් ලෙස මහ සභා නියෝජිත ධුර බෙදී ගොස් ඇති බව පවසන මන්ත්‍රීවරයාගේ මාධ්‍ය ඒකකය, ඒ බව සනාත කිරීම සඳහා ඡන්ද සටහන් පත්‍රීකාව ද මාධ්‍ය වෙත යොමුකර ඇත.

ඉහත සටහනට අනුව, 90%කට ආසන්න සාමාජික ප්‍රතිශතයක් රඳවාගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගියවර ජයග්‍රහණය කර තිබූ කොටපොල විවිධ සේවා සමුපකාර සමිතිය මෙවර ජයගෙන ඇත්තේ ආසන 51 පමනක් ලබා ගනිමිනි.

මෙම විවිධ සේවා සමුපාකාර සමිතිය සාමාජිකයන් 50,000ක ගෙන් පමණ සමන්විත වේ.

ජනතා විමුක්ති පෙරමුණ සහාය දුන් ‘කොටපොල සමුපාකාරය සුරැකීමේ එකමුතුව’ නම් වූ සංවිධානය ආසන 30ක් ජයග්‍රහණය කර ඇති අතර, මෙම නිලවරණයට තරග කළ ස්වාධීන කණ්ඩායම දිනාගෙන ඇති ආසන සංඛ්‍යාව 14කි.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයත් කොටපොල විවිධ සේවා සමුපකාර සමිතියේ සාමාජික ආසන 5ක් ජයග්‍රහණය කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සාමාජික ආසන 51ක් ජයග්‍රහනය කරන විට ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය සහ ස්වාධීන කණ්ඩායම එක්ව ඉතිරි ආසන 49 ජයග්‍රහණය කර ගැනීමට සමත් වී ඇත.

කොටපොල අයත් වන දෙනියාය මැතිවරණ කොට්ඨාසයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ සංවිධායකවරයා වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවකයි.