කුසිනාරාවට ජාත්‍යාන්තර ගුවන්තොටක්

ඉන්දියාවේ කුෂිනගර් ජාත්‍යාන්තර ගුවන්තොටුපොළ මෙම මස 20 වැනි දින අග්‍රාමාත්‍ය නරේද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරෙන අතර ඊට ශ්‍රී ලංකාවේ විශේෂ ආරාධිතයා ලෙස ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහභාගී වීමට නියමිතය

කුෂිනගර් ජාත්‍යාන්තර ගුවන්තොටුපෙළ වීවාත කෙරෙන අවස්ථාවට ප්‍රථම ගුවන් යානය ශ්‍රී ලංකාවේ සිට පිටත්ව යන අතර එහි මහා සංඝයාවහන්සේ සියනමක් ගමන් කරති.

කුෂිනගර් ගුවන්තොටුපෙළ පරිශ්‍රයේ ප්‍රදර්ශනය කිරීමට මෙරටින් ඡායාරූප දෙකක් ලබාදීමට ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරි මිලින්ද මොරගොඩ මහතා කටයුතු යොදා තිබේ.

කැලණිය  රජමහා විහාරයේ සොලිස් මෙන්ඩිස් සිතුවම් කළ ඓතිහාසික සිතුම් දෙකක් එලෙස ඉන්දියාවට පරිත්‍යාග කිරිමට නියමිතය

කුෂිනගර් යනු ඉන්දියාවේ උත්තර ප්‍රදේශ ප්‍රාන්තයේ පිහිටි ඓතිහාසික කුසිනාරා නගරය වේ. කුෂිනගර් ජාත්‍යාන්තර ගුවන්තොටුපෙළ නිසා ලොවපුරා බෞද්ධ ජනතාවට දඹදිව වන්දනාව පහසු කරවයි.