තේ කර් මාන්තය ආශ්රිතව මතුවී ඇති ගැටලු සම්බන්ධයෙන් රජයේ අවධානය

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ තේ කර්මාන්තය හා සම්බන්ධ ආයතනවල නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා.
මෙරට තේ කර්මාන්තය ආශ්රිතව මතුවී ඇති ගැටලු සම්බන්ධව මෙහිදී සමාලෝචනයට ලක් කෙරුණු අතර, තේ දලුවල ගුණාත්මකභාවය සහ තේ වගාවේ ඵලදායීතාව ඉහළ නැංවීම මෙන්ම, නව අන්තර්ජාතික වෙළෙඳපොළ අවස්ථා සෙවීම ආදී කරුණු පිළිබඳවද එහිදී විශේෂ අවධානය යොමු කර ඇති බවයි සඳහන් වෙන්නේ.
තේ කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලු පිළිබඳව ද සාකච්ඡා කළ අතර, ඒවාට ලබාදිය හැකි සාධනීය විසඳුම් ලබා දීමට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.
