ට්‍රම්ප් ඉන්දුනීසියාවට පනවා තිබූ තීරු බද්ද 19%ක් දක්වා අඩු කරයි

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දුනීසියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා පනවා තිබූ තීරු බදු ප්‍රතිශතය 19% දක්වා අඩු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අග්නිදිග ආසියානු රටක් වන ඉන්දුනීසියාව සමග නව ගිවිසුමක් යටතේ ට්‍රම්ප් මෙම තීරණය ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
ඒ අනුව මීට පෙර සඳහන් කර තිබූ 32%ක තීරු බදු පැනවීම 19% දක්වා අඩු කිරීමටයි ට්‍රම්ප් තීරණය කර තිබෙන්නේ.
ඉන්දුනීසියාව ඇමෙරිකා ඩොලර් බිලියන 15ක බලශක්ති ඇමරිකාවෙන් මිලදී ගැනීමට සුදානම් වනවා.
එමෙන්ම ඩොලර් බිලියන 4.5ක කෘෂිකාර්මික නිෂ්පාදන මෙන්ම ඩොලර් බිලියන ගණනක් වටිනා බෝයිං ජෙට් යානා 50ක් ඇමරිකාවෙන් මිලදී ගැනීමට එකඟ වීමෙන් පසුව ට්‍රම්ප් මෙම සහනය ලබාදී ඇති බවද සඳහන්.