O/L නැවත සමීක්ෂණ අයැදුම්පත් භාර ගැනීම අද සිට

O/L නැවත සමීක්ෂණ අයැදුම්පත් භාර ගැනීම අද සිට

2024 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයැදුම්පත් භාරගැනීම අද ආරම්භ වෙයි.

විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ අද සිට 28 වැනිදා දක්වා ඒ සඳහා අයැදුම්පත් යොමු කළ හැකි බවයි.

2024 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල පසුගිය 10 වැනිදාමධ්‍යම රාත්‍රියේ නිකුත් කෙරිණ.

විභාගය සඳහා ඉදිරිපත් වූ අයැදුම්කරුවන් සංඛ්‍යාව හාර ලක්ෂ 74147 කි.

ඒ අතර පාසල් අයැදුම්කරුවන් තුන් ලක්ෂ 98182ක් වන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.