කෙහෙළියට අධි චෝදනා භාරදීම සැප්තැම්බර් මස 16 වනදා

කෙහෙළියට අධි චෝදනා භාරදීම සැප්තැම්බර් මස 16 වනදා

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාර දීම සැප්තැම්බර් මස 16 වනදා දක්වා කල් තැබීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළා.

ඒ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙනුයි.

මෙම නඩුවට අදාළ චෝදනා පත්‍ර ගොනු කර තිබූණ ද ඇමුණුම් මේ වන විට ගොනු කර නොමැති බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයට දැනුම් දුන්නා.

එම ඇමුණුම් ලැබීමට දින විසි එකක් පමණ ගතවනු ඇති බවට රජයේ මුද්‍රණාලාධිපතිවරයා දැනුම් දී තිබෙනවා.

එබැවින් දින 21කට පසුව එළඹෙන දිනයක මෙම නඩුව කැඳවන ලෙසයි සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

ඒ අනුව අදාල නඩුව සැප්තැම්බර් මස 16 වන දා කැඳවීමට අධිකරණය නියම කළා.

COMMENTS