O/L විභාගයේ A සාමාර් ථ 9 ක් ගත් සිසුන් ගණන 13,392ක්

O/L විභාගයේ A සාමාර් ථ 9 ක් ගත් සිසුන් ගණන 13,392ක්

2024 අපොස සාමාන්‍ය පෙළ විහාගයේ දී සියලුම විෂයන් සඳහා A සාමාර්ථ ලබා ගත් විභාග අපේක්ෂකයන් සංඛ්‍යාව 13,392ක් බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස් ඉන්දිකා කුමාරි මහත්මිය පවසනවා.

විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළේ, එම ප්‍රතිශතය 4.15%ක් බවයි.

මේ අතර 2024 අපොස සාමාන්‍ය පෙළ විහාගයේ දී සියලුම විෂයන් අසමත් වූ අපේක්ෂකයන් ප්‍රතිශතය 2.34%ක් බව ද ඇය සඳහන් කළා.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි සමස්ත විභාග අපේක්ෂකයන් 425,152 අතුරින් උසස් පෙළ පන්ති සඳහා සිසුන් 237,026ක් සුදුසුකම් ලැබූ බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළා.

COMMENTS