ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි පළමු විස්සයි20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (10) හැකිවිය.
පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී අද (10) අවසන් වූ මෙම තරගයේ බංග්ලාදේශ කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 155ක ඉලක්කය තරගයේ 19වන පන්දුවාරයේදී පසුකර යෑමට ශ්‍රී ලංකාවට හැකිවිය.
ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවා වූ කුසල් මෙන්ඩිස් සිය ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් දිවියේ 16වන අර්ධ ශතකය රැස්කරමින් ලකුණු 73ක් රැස්කිරීමට සමත් විය.
පන්දු 51කට මුහුණදෙමින් කුසල් ගොඩනැගූ ඉනිමෙහි හයේ පහර 3ක් හා හතරේ පහර 5ක් ඇතුළත් විය.
කුසල් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රහාරාත්මක ආරම්භයක් රැගෙන ආ පැතුම් නිස්සංක පළමු කඩුල්ලට ලකුණු 78ක සබඳතාවක් පැවැත්වූහ.
ඒ වෙනුවෙන් ඔවුන් දෙදෙනා මුහුණදුන්නේ පන්දු 28කට පමණක් වීම විශේෂත්වයක්.
ලකුණු 42ක් රැස්කරගෙන සිටි පැතුම් දැවීයාමත් සමග එම සබඳතාව බිඳවැටුණි.
ඒ වනවිට පන්දු 16කට පමණක් මුහුණ දී සිටි පැතුම්ගේ ඉනිමේ හයේ පහර 3ක් හා හතරේ පහර 5ක් ඇතුළත්ව තිබුණි.
ශ්‍රී ලංකා ඉනිමේ බිඳවැටුණු දෙවන කඩුල්ල වූ කුසල් ජනිත් ලකුණු 24ක් රැස්කළේය.
මෙන්ඩිස් සමගින් ලකුණු 42ක සබඳතාවක් පැවැත් වූ ඔහු මුලු 120දී දැවී ගියේය.
මෙම ජයත් සමග තරග තුනකින් යුත් තරගාවලිය තරග 1-0ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගත්තේය.