රාජාංගනයේ සද්ධාරතන හිමියන් ඇප කොන්දේසි කඩ කරලා

රාජාංගනයේ සද්ධාරතන හිමියන් ඇප කොන්දේසි කඩ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබෙනවා.
ඒ පිළිබද සංක්ෂිප්ත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධිකරණය එම දෙපාර්තමේන්තුවට නියෝග කළා.
රාජාංගනයේ සද්ධාරතන හිමියන් වෛරය, ද්වේශය සමාජ ගත කරමින් අසභ්‍ය වචන භාවිත කරමින් වීඩියෝ උඩුගත කර ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත්තේ.
එහිදි සැකකාර හිමි නම එම චෝදනා ප්‍රතික්ෂේප කර සිටියා.
සැකකරු ජාතික රෝහලේ මානසික වෛද්‍ය සායනයට ඉදිරිපත් කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි එහිදි අධිකරණය නියෝග කළේ.
මෙම හිමියන් ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායෙන් මේ වන විට නෙරපා ඇති බව එම නිකාය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.