තරුණ ප්‍රජාවගේ ආර් ථික තත්ත්වය දියුණු කරන්න වැඩපිළිවෙලක්

ශ්‍රී ලංකාවේ තරුණ සංවර්ධනය සම්බන්ධ ප්‍රතිපත්ති, උපායමාර්ග හා වැඩසටහන් සකස් කිරීම, අධීක්ෂණය සහ ඇගයීම සම්බන්ධ වගකීම තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය වෙත පැවරී තිබෙනවා .
එම අමාත්‍යාංශය යටතේ ඇති ජාතික තරුණ සේවා සභාව, යොවුන් සේනාංකය සහ ඇඹිලිපිටිය නායකත්ව සංවර්ධන ජාතික මධ්‍යස්ථානය යන ආයතන මඟින් නායකත්ව සංවර්ධනය, කුසලතා පුහුණුව සහ වෘත්තීය අධ්‍යාපනය තුළින් තරුණ ප්‍රජාව සවිබල ගැන්වීමට කටයුතු කරනු ලබන බවයි සඳහන් වන්නේ .
වෘත්තීය අධ්‍යාපනය ලබන එකී තරුණ ප්‍රජාවගේ ජීවන සහ ආර්ථික තත්ත්වය උසස් කිරීම පිණිස මැදිහත් වීමේ විභවය සහිත රාජ්‍ය ආයතන අතර ඒකාබද්ධ සහ සහයෝගි ප්‍රවේශයක් පැවතීම අත්‍යවශ්‍ය බව පෙනී ගොස් තිබෙනවා .
ඒ අනුව, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය; අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය; විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය; සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් ඒකාබද්ධ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටත්, එකී වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය කමිටුවක් පත් කිරීමටත් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා