දහම් පාසල් ගුරුවරුන්ට දීමනාවක්

2026 වර්ෂයේ සිට ඉදිරියට බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි හා කතෝලික ආගම්වලට අයත් ලියාපදිංචි දහම්පාසල්වල එක් වසරක අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කරන ලද ගුරු භවතුන්ට ගුරු දීමනාව හා නිල ඇඳුම් දීමනාව ඇතුළත් එක් දිමනාවක් ලෙස රුපියල් 7,500/- ක මුදලක් වර්ෂයකට එක් වතාවක් ගෙවීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි.
අධ්‍යාත්මික සංවර්ධනය සඳහා සමාජය යොමු කිරීමට දහම් පාසල් අධ්‍යාපනය තුළින් මනා පිටිවහලක් ලැබෙන අතර එබැවින්, කිසිදු පෞද්ගලික අපේක්ෂාවකින් තොරව දහම් පාසල් වල සේවය කරන ගුරුභවතුන්ගේ සේවය අඛණ්ඩව ලබා ගැනීම සඳහා දිරි ගැන්වීම සහ ඔවුන්ගේ අනන්‍යතාව ආරක්ෂා කිරීම මෙන් ම සමාජයේ යහ පැවැත්මට අත්‍යවශ්‍ය වන දහම් අධ්‍යාපනයේ අභිවෘද්ධිය පිණිස මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.