කතරගම ඇසල පෙරහැර මංගල්‍යයේ ගිනි පැගීමේ චාරිත්‍රය සාර් ථකව අවසන් (PHOTOS)

කතරගම ඇසල පෙරහැර මංගල්‍යයේ ගිනි පැගීමේ චාරිත්‍රය සාර් ථකව අවසන් (PHOTOS)

කතරගම ඇසල පෙරහැර මංගල්‍යයේ ගිනි පැගීමේ චාරිත්‍රය සාර්ථකව අවසන් කෙරුණා.

රුහුණ මහා කතරගම ඇසල පෙරහැර මංගල්‍යයේ ගිනි පැගීමේ චාරිත්‍රය අද අළුයම සිදුකෙරුණා.

කතරගම දේවාලයේ ප්‍රධාන වීදියේ සකස් කෙරුණු ගිනි මැලය මත පැන් ඉස ආශිර්වාද කිරීමෙන් පසු ගිනි පැගීම සඳහා බැතිමතුන් විශාල පිරිසක් එක්වුණා.

ගිනි පැගිමේ චාරිත්‍රය දැක බලා ගැනීමට ද බොහෝ පිරිසක් එක්ව සිටියා.

කතරගම ඇසල පෙරහැර මංගල්‍යයේ 13 වන දිනය අදට යෙදී තිබෙනවා.

ලබන 10 වනදා අවසන් රන්දෝලී පෙරහැර වීදි සංචාරය කෙරෙන අතර පසුදා දියකැපීමෙන් අනතුරුව ඇසල පෙරහැර නිමා කිරීමට නියමිතයි.

COMMENTS