බිහිසුණු බස් අනතුරක්

බිහිසුණු බස් අනතුරක්

හලාවත – පුත්තලම මාර්ගයේ දැදුරුඔය පාලම ආසන්නයේදී ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අනතුරක් සිදුවී තිබේ.

අද(04) දහවල් 11.30ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් තුවාල ලබූවන් ප්‍රතිකාර සදහා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇත.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ පේදුරුතුඩුවේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයකි.

මෙම අනතුර හේතුවෙන් හලාවත – පුත්තලම මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට බාධා එල්ලවී තිබුණි.

COMMENTS