සිංහල, දෙමළ භාෂා පරිවර්තනයට AI තාක්ෂණයෙන් නව මෘදුකාංගයක්

AI තාක්ෂණයෙන් සිංහල දෙමළ භාෂා පරිවර්තන මෘදුකාංගයක් සකස් කිරීමට පියවර ගන්නා බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි.
නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ, මොරටුව විශ්වවිද්‍යාලය ඇතුළු විශ්වවිද්‍යාල කිහිපයක් හා පෞද්ගලික අංශය එක්ව එම මෘදුකාංගය සකස් කරන බවයි.
ඉදිරි හය මාසය ඇතුළත එය සාමාන්‍ය ජනතාව වෙනුවෙන් මුදා හැරීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේ ය.
නව මෘදුකාංගයෙන් සිංහලෙන් කතා කරන කරුණු තත්ත්පර කිහිපයක් ඇතුළත දෙමළ බසටත් , දෙමළ බසින් කතා කරන දෑ තත්ත්පර කිහිපයක් ඇතුළත සිංහල බසටත් පරිවර්තනය කිරීමේ හැකියාව පවතින බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ය.