යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට සිට

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට සිට

වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ, නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කටත්, සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125කටත් කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 132කටත් මිලදී ගන්නා බවයි.

ඒ සඳහා පසුගිය අයවැයෙන් රුපියල් බිලියන 06ක් වෙන් කර තිබේ.

වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කළේ, අම්පාර මුලතිව් හා මඩකලපුව දිස්ත්‍රික්කවල වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති බවයි.

එම දිස්ත්‍රික්කවල වී අස්වනු මිලදී ගැනීම පළමු අධියරේදි ආරම්භ කරන බව ඔහු ප්‍රකාශ කළේ ය.

COMMENTS