දින දෙකකදී මදුරුවන් බෝවිය හැකි තැන් 10591ක් සොයා ගනී

දින දෙකකදී මදුරුවන් බෝවිය හැකි තැන් 10591ක් සොයා ගනී

ඩෙංගු මර් දන සතියේ පළමු දින දෙක තුළ කළ පරීක්ෂා කිරීම්වලින් මදුරුවන් බෝවිය හැකි ස්ථාන 10591ක් සොයා ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
එහි ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ, එම දින දෙක තුළ පරිශ්‍ර 48354 ක් පරීක්ෂා කළ බවයි.ඩෙංගු මර්දන සතියේ තුන් වැනි දිනය අද (02) ක්‍රියාත්මක වේ.