හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (30) රාත්‍රී අභාවප්‍රාප්ත වූ ගාමිණී ලොකුගේ මහතා මියයන විට 82 වන වියේ පසුවුණි.
1960 වර්ෂයේ දී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් දේශපාලනයට පිවිසි ඒ මහතා 1983 වර්ෂයේ දී කැස්බෑව ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසියේය.
1989 වර්ෂයේ දී සහ 2002 වර්ෂයේ දී සංචාරක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ගාමිණී ලොකුගේ මහතා 2006 වර්ෂයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජය සමග එක්වුණි.
2007 වර්ෂයේ දී ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඔහු 2010 සහ 2015 වර්ෂයේ දී ද පාර්ලිමේන්තුවට තේරීපත් වුණි.
2019 වර්ෂයේ නාගරික සංර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ගාමිණී ලොකුගේ මහතා 2020 වසරේ දී ප්‍රවාහන කැබිනට් අමාත්‍යවරයා ලෙස ද කටයුතු කර තිබේ.