විශ්‍රාමික ගුරුවරියට දිවි අහිමි කළ අනතුර

විශ්‍රාමික ගුරුවරියට දිවි අහිමි කළ අනතුර

විශ්‍රාමික යුද හමුදා ආබාධිත සෙබළෙකු පැදවූ කැබ් රථයක දොර විවෘත කිරීමේදී ධාවනය වෙමින් තිබූ යතුරුපැදයක හැඩලයේ ගැටී යතුරු පඩිය මාර්ගයේ පෙරළී ගොස් එහි ගමන් ගත් විශ්‍රාමික ගුරුවරියක් මියගොස් ඇයගේ සැමියා තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

බණ්ඩාරගම පොලිසිය පැවසුවේ, අනතුරින් මියගොස් ඇත්තේ පොකුණුවිට හංස උයන පදිංචිව සිටි පී ඒ සුමනාවතී (62) හැවිරිදි තිදරු මවක් බවයි

අනතුරින් තුවාල ලද ඇයගේ සැමියා තුවාල ලබා හොරණ දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

මියගිය විශ්‍රාමික ගුරුවරිය සහ තුවාල ලද ඇගේ සැමියා අවශ්‍යතාවයක් සඳහා නිවසේ සිට යතුරුපැදියෙන් පොකුණු විට සිට බණ්ඩාරගම දෙසට පැමිණීමේදී රයිගම ප්‍රදේශයේ නවතා තිබූ කැබ් රථයේ දකුණු පස ඉදිරිපස දොර එකවරම විවෘත කිරීමේදී යතුරුපැදියේ හැඩලය ගැටී තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණා.

ඒ සමගම යතුරුපැදියේ පෙරළීයාමෙන් පැදිකරු වම් පසටත් පසු පැදිකාරිය මාර්ගයේ දකුණු පසටත් වැටීමෙන් අනතුරුව හොරණ දෙස සිට පැමිණි ත්‍රීරෝද රථයකට ඇය යටවී තිබෙනවා.

විශ්‍රාමික යුද්ධ හමුදා ආබාධිත සෙබළා සහ ත්‍රී රෝද රථ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

COMMENTS