O /L ප්‍රතිපල එන දවස ගැන ඉඟියක්

O /L ප්‍රතිපල එන දවස ගැන ඉඟියක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2024 (2025) විභාග ප්‍රතිඵල ජූලි මස තුන්වැනි සතියේදි පමණ නිකුත් කිරීමට හැකි වනු ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසනවා .

එමෙන්ම විභාග ප්‍රතිඵල නිකුත් කරන බවට ඉකුත් දිනවල සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වූ විවිධ පුවත් සාවද්‍ය බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ .

විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ප්‍රතිඵල නිකුත් කිරීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බවයි.

COMMENTS