ඩෙංගු මර් දන සතියක්

ඩෙංගු මර් දන සතියක්

ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා හෙට (30) සිට ලබන මස 6වනදා දක්වා මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කර තිබෙනවා.

දිස්ත්‍රික්ක 16ක් ඉලක්ක කරගනිමිනුයි මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන්නේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසන්නේ මේ සදහා සෑමදෙනාගේම සහය අවශ්‍ය බවයි.

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු උණ රෝගීන් 27932දෙනෙක් වාර්තා වන බව සෞඛ්‍ය අංශ පවසනවා.

එමෙන්ම ගතවූ කාල සීමාව තුළ වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 16ක්.

COMMENTS