ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 458ට සීමා වෙයි

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 458ට සීමා වෙයි

බංග්ලාදේශයට එරෙහිව සිය පළමු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු වේලවකට පෙර සියලු දෙනා දැවී ලකුණු 458ක් රැස්කිරීමට සමත් විය.

ඒ අනුව ඔවුන්ට බංග්ලාදේශ පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස්කළ ලකුණු 247ට වඩා ලකුණු 211ක් ඉදිරියෙන් සිටිමින් ඉනිම අවසන් කිරීමට හැකිවිය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත් ඉනිමක් ක්‍රීඩාකළ කුසල් මෙන්ඩිස් ලකුණු 84ක් රැස්කරගෙන සිටියදී අවාසනාවන්ත දුවද්දී දැවී යාමකට ලක්විය.

ඔහු ඉනිමේ 9වන කඩුල්ල ලෙස දැවී ගියේය.

පන්දු 87කින් ගොඩනැගුණු කුසල්ගේ ඉනිමේ හතරේ පහර 8ක් හා හයේ පහර 2ක් ඇතුළත් විය.

ඔහුට අමතරව ඉනිම ඔසවා තැබූ පැතුම් නිස්සංක ලකුණු 158ක් හා දිනේෂ් චන්දිමාල් ලකුණු 93ක් රැස්කිරීමට සමත් වූහ.

බංග්ලාදේශය වෙනුවෙන් ටයිජුල් ඉස්ලාම් ලකුණු 131කට කඩුලු 5ක් දවාගත් අතර, නයීම් හසන් ලකුණු 87කට කඩුලු 3ක් දවාගත්තේය.

කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ අද (27) තෙවන දිනයයි.

COMMENTS