පැතුම්ගෙන් ශතකයක්

පැතුම්ගෙන් ශතකයක්

සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ තෙවන ශතකය රැස්කිරීමට පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර සමත් විය.

බංග්ලාදේශයට එරෙහිව ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී ඔහු මෙම දක්ෂතාව දැක්වීය.

හයේ පහරක් හා හතරේ පහර 13කින් සිය ඉනිම හැඩකළ පැතුම්, මේ වනවිට පන්දු 138කට මුහුණ දී ලකුණු 101ක් රැස්කරගෙන සිටියි.

පැතුම් සමගින් කඩුල්ලේ රැඳී සිටින දිනේෂ් චන්දිමාල් ලකුණු 48ක් රැස්කරගෙන සිටින අතර, ඔවුන් දෙදෙනා 2වන කඩුල්ලට ලකුණු 134ක සබඳතාවක් පවත්වා ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට පන්දුවාර 44කදී එක් කඩුල්ලක් දැවී ලකුණු 181ක් රැස්කරගෙන බංග්ලාදේශ පළමු ඉනිමට වඩා තවත් ලකුණු 314ක් පසුපසින් සිටියි.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස ළහිරු උදාර දැවීගිය අතර, පැතුම් සමගින් ඉනිම ඇරඹූ ඔහු 29ක් රැස් කළේය.

ළහිරු මෙම තරගයේදී ටෙස්ට් වරම් හිමිකරගත්තේය.

බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 495ක් රැස්කිරීමට සමත් විය.

COMMENTS