හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ පාර් ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමට නව පනත් කෙටුම්පතක්

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමට පනත් කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව වත්මන් රජය විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව, හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට ලබා දී ඇති විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමටත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දෙන විශ්‍රාම වැටුප අහෝසි කිරීමටත් ජනතාව විසින් රජයට වරමක් ලබාදී ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.ඒ සඳහා 1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත සහ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත පරිච්ඡින්න කිරීම සඳහා පනත් කෙටුම්පත් 02ක් සකස් කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
අදාළ කැබිනට් තීරණය පහතින්.
