කොළඹ සිට නවා ශෙවා වරාය වෙත ගිය නැවක පිපිරීමක්

කොළඹ සිට නවා ශෙවා වරාය වෙත ගිය නැවක පිපිරීමක්

කේරළ වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී සිංගප්පූරු ධජය සහිත බහාලුම් නෞකාවක පිපිරීමක් සිදුව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා .

MV Wan Hai 503 නම් වූ මීටර් 270ක් දිගින් යුත් මෙම යාත්‍රාව පසුගිය ජුනි 7 වැනි දින කොළඹ වරායෙන් පිටත් වී මුම්බායි බලා යමින් තිබූ අතර එය මුම්බායි නවා ශෙවා වරාය වෙත ජුනි 10 වැනි දින පැමිණීමට නියමිතව තිබුණ බවයි සඳහන් වන්නේ .

මෙම නෞකාවේ කාර්ය මණ්ඩලයේ 22 දෙදෙනෙකු සිට ඇති අතර ඉන් 18 දෙනෙකු බෝට්ටු මාර්ගයෙන් නැව අතරහැර දමා ගොස් තිබෙන බව වාර්තා වෙනවා .

පිපිරීම සිදුව අවස්ථාවේදී කාර්ය මණ්ඩලයේ ඇතැම් පිරිස් තුවාල ලබා ඇති බවටද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා .

ඉන්දීය වෙරළාරක්ෂක බළකාය සහ ඉන්දීය නාවික හමුදාව ගලවා ගැනීමේ කණ්ඩායම් යොදවා තුවාල ලැබූ කාර්ය මණ්ඩලය රෝහල් වෙත ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ .

https://www.thehindu.com/news/national/kerala/cargo-ship-catches-fire-off-beypore-coast-in-kerala-rescue-mission-underway/article69674079.ece

COMMENTS