ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

2025 ලෝක රූ රැජින කිරුළ තායිලන්ත තරගකාරිණියක් වන ඔපල් සුචතා චුංශ්‍රී නම් තරගකාරිණිය විසින් දිනාගනු ලැබීය.
1951 වසරේ මහා බ්‍රිතාන්‍යයේදී ඇරඹි ලෝක රූ රැජින තරගයේ 72 වැනි අදියර ඉන්දියාවේ තෙළඟනාහිදී ආරම්භ වූයේ මැයි 7 වැනිදාය.
මෙවර ලෝක රූ රැජින තරගාවලිය සඳහා තරගකාරිනියන් 108 දෙනෙකු ඉදිරිපත් ව සිටින අතර ඔවුන් මහද්වීප 4කට බෙදා එක් එක් මහද්වීපයෙන් අවසන් වටයට තරගකාරිනියන් 10 දෙනෙකු බැගින් තෝරා ගැනුණි.
එම මහාද්වීප වෙන්කර තිබුණේ, අමෙරිකා සහ කැරබියානු, යුරෝපා, අප්‍රිකා, ආසියා සහ ඔෂනියා ලෙසයි.
මේ අතර ලොව පුරා රටවල් 108ක තරගකාරිණියන් සහභාගීත්වයෙන් පසුගියදා ආරම්භ වූ ලෝක රූ රැජිණ තරගාවලියේ විවිධ අංශ යටතේ තරග පසුගිය දිනවල පැවැත්විණි.
එම තරගයේදී අද අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූවන් නිවේදනය කර තිබුණි.
එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග කළ අනුදි ගුණසේකරට අවසන් 40 දෙනා අතර පිවිසීමේ හැකියාව අහිමි විය.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ ලෝක රූ රැජින බලාපොරොත්තුව බිඳවැටුණි.
72වැනි ලෝක රූ රැජින තරගාවලියේදී පසුගිය දා පැවැති තරගවලින් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට අනුදි ගුණසේකර සමත්වූ අතර හෙඩ් ටු හෙඩ් සහ මල්ටිමීඩියා අංශවල අවසන් වටයන් සඳහා සුදුසුකම් ලබාගැනීමට ඇය සමත් වුවාය.
ඒ මෙරට ඉතිහාසයේ පළමුවරට එම අංශවලින් අවසන් වටයන් සඳහා සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලාංකික තරගකාරිනිය බවටද පත්වෙමිනි.
කෙසේ වුවද 72වැනි ලෝක රූ රැජින තරගාවලියේදී ලොව පුරා මහත් බලාපොරොත්තු තැබූ ඉන්දියාව නියෝජනය කරමින් තරග කළ නන්දිනි ගුප්තාට සිය කිරුළේ බලාපොරොත්තුව අහිමිවිය.