2025 ජනවාරි සිට රිය අනතුරු 902 යි.. අහිමිවූ ජීවත ගනණ 965 ක්

මෙම වසරේ ජනවාරි සිට මේ දක්වා රිය අනතුරු 902 ක් වාර්තා වී ඇති අතර ඉන් පුද්ගල ජීවත 965 ක් අහිමි වී අහිමිවී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මෙම වසරේ ජනවාරි 01 වැනිදා සිට මැයි මස 09 වැනිදා දක්වා බරපතල රිය අනතුරු 1842ක් වාර්තා වී ඇති බවයි.
එමෙන්ම සුළු අනතුරු 3241ක් වාර්තා වී ඇති අතර දේපළ අලාභ හානි වාර්තා වු රිය අනතුරු 1424ක් ද වාර්තා වී තිබෙනවා.
මේ අතර පසුගියදා කොත්මලේදී පුද්ගලයින් 23 දෙනෙකුට දිවි අහිමි කළ මාරක රිය අනතුර සිදුවූ ස්ථානයට යාබදව ඊයේ කොත්මලේ ප්‍රදේශයේදී තවත් මාරක අනතුරක් වාර්තා වූණා.
එහිදී තුවාල ලබා රෝහල් ගත කළ පුද්ගලයින් 21 දෙනෙකු අතරින් සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.
කුඩා ළමයින් 07 දෙනෙකුද තුවාල ලැබූවන් අතර වන අතර ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව සඳහන්.