හෙට සහ අනිද්දා වැසෙන පාසල් මෙන්න

හෙට සහ අනිද්දා වැසෙන පාසල් මෙන්න

පවතින ආපදා තත්ත්වය හේතුවෙන් හෙට (04) සහ අනිද්දා (05) යන දෙදින ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල සියලු පාසල් නිවාඩු ලබාදීමට තීරණය කර ඇත.

දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා විසින් අධ්‍යාපන බලධාරීන් සමග පැවති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

මේ අතර රත්නපුර, කෑගල්ල, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල සියලුම පාසල් ද, කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම කලාපයේ පාසල් ද හෙට (04) වසා දැමීමට තීරණය කර තිබෙනවා.

සෙසු පළාත්වල හා කලාපවල හෙට දින සිට සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.