පොල්ගොල්ල ජලාශයෙන් පහළ ජනතාවට දැනුම්දීමක්

පොල්ගොල්ල මහවැලි ජලාශ වේල්ලේ හදිසි වාන් දොරටු විවෘත කිරීමක් සිදු කිරීමට ඉඩ ඇති බව වාර්තා වෙනවා.
බැවින් ඉන් පහළ කොටසේ ජීවත්වන සහ මහවැලි ගඟ පරිහරණය කරන ජනතාවට විමසිලිමත්ව කටයුතු කරන ලෙස මහවැලි අධිකාරිය ඉල්ලීමක් කරනවා.
තවද හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද සහ හෙට දිනයේ පොල්ගොල්ල ජලාශ වේල්ල හරහා දිවෙන මාර්ගය වසා තැබෙන බවද ජලාශ භාර ඉංජිනේරුවරයා සඳහන් කළා.