කුරුණෑගල නගරාධිපතිවරයාට එරෙහිව පරීක්ෂණක් පවත්වන්නැයි ගැසට්ටුවක්

කුරුණෑගල නගරාධිපතිවරයාට එරෙහිව පරීක්ෂණක් පවත්වන්නැයි ගැසට්ටුවක්

කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපතිවරයාට එරෙහිව පරීක්ෂණයක් පවත්වන ලෙස නියෝග කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. (09) නිකුත් කරන ලද මෙම ගැසට් නිවේදනය වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩගේ අත්සනින් යුතුවයි නිකුත් කර තිබෙන්නේ.

අදාල ගැසට් පත්‍රය අනුව, විශ්‍රාමලත් විනිසුරු ලලිත් ඒකනායකට අදාල පරීක්ෂණ කොමිසම පත් කිරීමේ බලය පවරා ඇති අතර ඔහු එම පරීක්ෂණ කටයුත්තේ ප්‍රධානියා ලෙස ද පත් කර තිබෙනවා.

එලෙස පවත්වනු ලබන පරීක්ෂණය යටතේ, කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපතිවරයා විසින් නගර සභා ආඥා පනතතේ කිසියම් නීතියක් උල්ලංඝනය කර ඇත්දැයි සොයා බැලීම අරමුණු කර ඇති අතර මාස 03 ක කාලයක් ඇතුළත මෙම පරීක්ෂණය පැවැත්විය යුතු බව ද එම ගැසට් නිවේදනයේ දැක්වෙනවා.

(අදාල ගැසට් නිවේදනය පහතින්)