අරගලකරුවන් පිරිසක් කෝච්චියෙන් බෙලි අත්තට (Video)

අරගලකරුවන් පිරිසක් කෝච්චියෙන් බෙලි අත්තට (Video)

ත්‍රස්ත පනත යොදාගනිමින් රඳවාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි නිදහස් කරන ලෙස ඉල්ලා තංගල්ලේ දී අද (23) පස්වරුවේ විරෝධතාවයක් පැවැත්වීමට නියමිතය.

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කරන මෙම විරෝධතාවට සහභාගීවීම සඳහා පිටකොටුව, ගාල්ල ආදී දුම්රිය ස්ථානවල සිට දුම්රියවල නැගී බෙලිඅත්ත දුම්රිය ස්ථානය බලා ගමන් ආරම්භ කර තිබේ.

ඔවුන් දුම්රියෙන් ගමන් ඇරඹීමට පෙර එම දුම්රිය ස්ථානවල සිට ද විරෝධතාවයේ නිරතවූහ.

එමෙන්ම මෙම පිරිසේ ගමනාන්තය වන තංගල්ල සහ බෙලිඅත්ත දුම්රිය ස්ථාන අවට මේ වන විට විශාල පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බව ද සඳහන්ය.