පුද්ගලික දත්ත ආරක්ෂණ පනත සම්මතයි

පුද්ගලික දත්ත ආරක්ෂණ පනත සම්මතයි

ආන්දෝලනයට තුඩුදුන් පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මතවිය.

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සඳහා ඉදිරිපත් කළේය.

මෙම විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් අදහස් දැක්වූහ.

පනත් කෙටුම්පතට විරුද්ධත්වය දක්වන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විවාදය ආරම්භයේදී ප්‍රකාශ කළේ‍ය.

ඇමැතිවරයා මේ පනත් කෙටුම්පත ඉදිරිපත් කළේ ක්ෂේත්‍රයේ විශේෂඥයන් රැසක් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා මෙහිදී පැවසීය.

රජය මේ පනතෙන් කිසිවකුගේ නිදහස සීමා කිරීමට බලාපොරොත්තු නොවන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මේ පනත මගින් ජනමාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් පැහැර ගැනීමට උත්සාහ දරන බවට කරන චෝදනාව ප්‍රතික්ෂේප කරන බවද ඔහු කීවේය.