චමරිගේ විශිෂ්ට ක්‍රියාව

චමරිගේ විශිෂ්ට ක්‍රියාව

මලයාසියාවේ කින්‍රාරා ඕවල් ක්‍රීඩාංගණයේදී මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීමේ වටයේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මුහුණ දුන් පළමු තරඟය ඊයේ ස්කොට්ලන්ත කණ්ඩායම සමඟින් පැවැත්වුණි.

එහිදී නියමිත පන්දුවාර 20 අවසානයේදී ලකුණු 182 ක් ලබාගන්නට ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවන් සමත්වූ අතර ස්කොට්ලන්තය ලබාගත්තේ 73 ක් පමනි.

ලකුණු 109 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වූ අතර ඊට පන්දු 45 ක් පමණක් වැය කරමින් 6 පහර 2 කින් හා 4 පහර 13 කින් ලකුණු 86 ක් රැස් කරන්නට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු දැක්වූ දක්ෂකමද ඉවහල් විය.

සිය මංගල තරඟය ක්‍රීඩා කළ සචිනි නිසංසලා ලකුණු 10 ට කඩුලු 2 ක් බිඳ හෙළූ අතර ඇයගේ දක්ෂතාවන්ද මීට යම් දායකත්වයකත් ලබාදුණි.

තරගය අවසානයේ තරඟයේ වීරයා ලෙසින් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තුට සම්මානය ලැබුණ නමුත් ඇය එම සම්මානය ලබාගෙන එය අයත්විය යුත්තේ තමාට නොව නවක ක්‍රීඩිකාවට යයි පවසමින් මංගල තරඟය ක්‍රීඩා කළ සචිනි නිසංසලා කැඳවා ඇයට එම සම්මානය පිරිනැමුවාය.මෙවැනි සිදුවීමක් ක්‍රිකට් පිටියක සිදුව ඇත්තේ විරලවය.

සචිනි නිසංසලාගේ විශිෂ්ට පන්දු යැවීම මේ ආකරයෙන් ඇගයීම ඇයට මහත් ශක්තියක්වූ බව ඇය ප්‍රකාශ කරන ලදි.