බංග්ලාදේශයේ ප්‍රචණ්ඩකාරී විරෝධතා ඇරඹෙයි

බංග්ලාදේශයේ තරුණ නායකයෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමග යලි ප්‍රචණ්ඩකාරී විරෝධතා ආරම්භ වී තිබෙනවා.
2024 වසරේදී බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා බලයෙන් පහ කිරීමට කටයුතු කළ ප්‍රබල චරිතයක් ලෙස සැලකෙන තරුණ නායක ෂරීෆ් ඔස්මාන් ජීවිතක්ෂයට පත්වීමත් සමගයි යලි විරෝධතා ආරම්භ වී ඇත්තේ.
පසුගිය සතියේදී ඔහු ඩකා නගරයේදී වෙඩි ප්‍රහාරයකට ලක් වූ අතර සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියා.
එහිදීයී ඔහු මිය ගොස් ඇත්තේ.
පෙබරවාරි මස පැවැත් වෙන බංග්ලාදේශ මහමැතිවරණයට ඉදිරිපත් වන බවටද ඔහු සඳහන් කර තිබූ අතර විරෝධතාකරුවන් පුවත්පත් මාධ්‍ය ආයතන දෙකක ගොඩනැගිලි ඇතුළු ගොඩනැගිලි රැසකට ගිනි තබා ඇති බවයි වාර්තා වන්නේ.
ගොඩනැගිලි තුළ සිරව සිටි මාධ්‍ය වේදීන් ඇතුළු පිරිස බේරාගැනීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.

