කඩු­ග­න්නාව හරහා උසස් පෙළට යන සිසුන්ට මාව­නැල්ල ඩිපෝ­වෙන් ප්‍රවා­හන සේවා

කඩු­ග­න්නාව හරහා උසස් පෙළට යන සිසුන්ට මාව­නැල්ල ඩිපෝ­වෙන් ප්‍රවා­හන සේවා

කඩු­ග­න්නාව ප්‍රදේ­ශයේ සිදු වූ නාය යෑම හේතු­වෙන් උසස් පෙළට පෙනී සිටින සිසුන්ට සිදු වන අව­හි­රතා වැළැ­ක්වී­මට විශේෂ වැඩ­පි­ළි­වෙ­ළක් සකස් කර තිබේ.

විභා­ග­යට පෙනී සිටින සිසු සිසු­වි­යන්ට මාව­නැල්ල ඩිපෝව පාදක කර­ගෙන විධි­මත් ප්‍රවා­හන සේවා­වක් ඒ අනුව සකස් කර ඇතැයි කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජගත් එම්. හේරත් මහතා පව­සයි.

මේ පිළි­බ­ඳව වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“මේ දින­වල උසස් පෙළ විභා­ග­යට ගමන් කරන සිසුන්ට ජාතික ගොඩ­නැ­ඟිලි පර්යේ­ෂණ සංවි­ධා­නය වැනි ආය­ත­න­වල නිර්දේශ මත මාර්ගය යළි විවෘත කිරී­මට බලා­පො­රොත්තු වෙනවා. මේ වන විට අස්ථා­ව­රව පව­තින විශාල ගල් පර්ව­තය හේතු­වෙන් මාර්ගය විවෘත කිරීම ආරක්ෂා සහි­තව කළ යුතුයි. විකල්ප මාර්ග සම්බ­න්ධ­යෙන් පොලිස් රථ­වා­හන අංශය සමඟ එක්ව වැඩ­පි­ළි­වෙළ සකස් කර­නවා.”

COMMENTS