හඟුරන්කෙත බිහිසුණු අනතුරක් – කාන්තාවක් මරුට

හඟුරන්කෙත බිහිසුණු අනතුරක් – කාන්තාවක් මරුට

හඟුරන්කෙත, හුලං වංගුව ප්‍රදේශයේ දී අද (21) උදෑසන සිදුවු මාරක අනතුරින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තවත් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

අප වාර්තාකරු පැවසුවේ, බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවය.

අදාළ අනතුරින් සිව්දෙනෙකු තුවාල ලබා ඇති අතර තුවාල ලැබූ පුද්ගලයින් රිකිල්ලගස්කඩ රෝහලේ ප්‍රතිකාර ලබයි.

තුවාල ලැබූවන් අතර කාන්තාවක්, පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් සහ 7 හැවිරිදි කුඩා ළමයෙකුද සිටින බව වාර්තා වෙයි.

අනතුරින් මියගොස් ඇත්තේ, ත්‍රිරෝද රථයේ ගමන්කළ 45 හැවිරිදි කාන්තාවකි.

COMMENTS