ඉන්දීය ප්‍රහාරක ජෙට් යානයක් ඩුබායිහිදී කඩා වැටේ

ඉන්දීය ප්‍රහාරක ජෙට් යානයක් ඩුබායිහිදී කඩා වැටේ

ඩුබායි හිදී පැවැත්වෙන ‘Dubai Air Show’ ගුවන් සන්දර්ශනයක් අතරතුර දී ඉන්දීය ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානයක් කඩාවැටී තිබේ.

‘HAL තේජාස්’ නම් යානය මෙලෙස අනතුරට ලක්ව ඇති අතර, එම අනතුර ඩුබායි වේලාවෙන් ප.ව. 2:10ට පමණ සිදුව තිබේ.

යානය කඩාවැටීමට පෙර එහි නියමුවා පිටතට පැන ගියාද, නැතිනම් ජීවිතක්ෂයට පත්වූවාද යන්න පිළිබඳ මේ දක්වා තහවුරු කර නොමැත.

අල් මක්ටූම් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ඉහළින් කළු දුමාරයක් නැඟී ගිය අතර, නරඹන්නන් පිරිසක් බලා සිටියදී, අනතුරින් පසු සයිරන් නාද වී තිබේ.

ලොව වඩාත් ජනප්‍රිය ගුවන් සන්දර්ශනයක් වන මෙම ඩුබායි ‘Dubai Air Show’සඳහා ලොව පුරා රටවල් රැසක ගුවන් යානා කර තිබේ.

COMMENTS